Colombo Today Local News

ආනවිළුන්දාව රැම්සා කුරුළු අභය භූමියේ ගින්නක් – අක්කර 50ක් විනාසයි

ආනවිළුන්දාව රැම්සා කුරුළු අභය භූමියේ හදිසියේ ඇති වූ ගින්නකින් අක්කර 40 – 50 ක පමණ අතර ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති බව ආනවිළුන්දාව වන ජීවී කාර්යාලය පවසයි.

පැය 04 ආසන්න පමණ කාලයක් පැවති ගින්න 28 වැනිදා සවස සුළං ව්‍යාපතිය නිසා දරුණු වී තිබේ. මේ දිනවල මේ ප්‍රදේශ හා අවට දිවා කළයේ දැඩි හිරු රශිමිය පතිත වන අතර මේ හේතුවෙන් දැඩි වියලි කාළගුණික තත්වය නිසා ගින්න පැතිරීම වැඩි වී තිබේ.

වන ජීවී නිළධාරින් එක්ව, ආරච්චිකට්ටුව පොලිස් නිලධාරීන්ද, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව, ප්‍රදේශවාසීන්ද එක්ව, හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය ගින්න පාලනය කිරීමට කටයුතු කර ඇත.

ලංකාවේ පිහිටි දෙවන රැම්සා අභය භූමිය වන්නේ ආනවිළුන්දාව කුරුළු අභය භූමිය වන අතර 2001 අගෝස්තු මස 03 වැනිදා රැම්සා අභය භූමියක් බවට ප්‍රකාශයට පත් කර ඇති මෙහි විශාලත්වය හෙක්ටයාර් 1357 කි.

මෙම ගින්න ආනවිළුන්දාව රැම්සා කුරුළු අභය භූමියට ආසන්නයෙන් පිහිටි පිංකට්ටිය වෙල් යායට කිසියම් අයෙකු විසින් ගිනි තබා ඇති බවත්,එම ගින්න අභය භූමිය තෙක් පැතිර ගොස් ඇති බව සිද්ධිය මූලිකව කරන ලද සොයා බැලීමේ ආණවර්ණය වී තිබේ.

Related posts

පෞද්ගලික බස් රථ වර්ජනයක්

colombotoday

පළාත් කිහිපයකට කාළගුණයෙන් රතු නිවේදන

colombotoday

පඹයට වඩා රූකඩය භයානකයි.. G7 ගිය ජනපති මහ ඉහළින් පිළිගත් හේතුව මධුමාධව කියයි

colombotoday

“ලොකුම මැයි රැළිය මහනුවරදී.. එනිසා පුද්ගලික ගමන් ඒ පැත්තෙ යන්න එපා“ – එස්.බී

colombotoday

එජාපයේ කැබිනට් පත්‍රිකා තුනක් අගමැති ඉදිරියේම ජනපති ඉවත දමයි…

colombotoday

වෛද්‍ය ෂාෆි ට එරෙහිව පැමිණිලි 723 ක්

colombotoday