Colombo Today Local News

කාර්මික සංවර්ධනය වෙනුවෙන් යුරෝපා සංගමයෙන් ආධාරයක්

මෙරට තිරසාර කාර්මික සංවර්ධනය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 23කට ආසන්න මූල්‍යාධාරයක් ලබාදීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබේ.

එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය Rene Van Berkel පැවසුවේ ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 22.83 ක් සහ යුරෝ මිලියන 18.75ක් මෙරටට ලබාදී ඇති බවය.

ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ රැස්වීමට සහභාගි වෙමින් ඔහු මේ බව සදහන් කර තිබේ.

මෙම මූල්‍යාධාර මෙරට කාර්මික සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙන්ම දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කටයුතු කිරීම, බලශක්ති කළමනාකරණය සහ පුනර්ජනනීය බලශක්ති වැනි අංශයන් හි සංවර්ධනය සඳහා වෙන් කර ඇති බව සඳහන්ව ඇත.

Related posts

කල්ගිය දකුණේ පාසල් වාර විභාග අද ඇරඹෙයි

Admin

මර්වින් ජානාගේ කුඩු සල්ලි මාස එකොලහක් තුළ හුවමාරු වූ හැටි

colombotoday

ඩොලරයට ඓතිහාසික අගයක්.. විකුණුම් මිල රුපියල් 161ත් පනී…

colombotoday

අරුම පුදුම බදු ගිවිසුමක්… කෘෂිකර්මේ බිල්ඩිමට එන අවුරුද්දටත් කොටි 33ක් කුලී ගෙවලා !

colombotoday

පාස්කු ප්‍රහාරකයින්ට පහසුකම් සැපයීමේ චෝදනා මත රිෂාඩ් බදුර්දීන් සහ රියාජ් බදුර්දීන් අත්අඩංගුවට

colombotoday

LTTE සාමාජික තිලීපන් සිහිකරන්න ගිය සිවාජලිංගම් අත්අඩංගුවට

colombotoday