කිලිනොච්චි නගරයේදී පොලිස් නිලධාරියෙකුට පහර දී තුවාල සිදුකිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් සැකකරු ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
බීමතින් කළහකාරී ලෙස හැසිරීම සහ රාජකාරී කරමින් සිටි පොලිස් නිලධාරීවරයෙකුට පහරදීමේ චෝදනා යටතේ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ කිලිනොච්චිය ධර්මපුරම් ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි ආරුමුගම් නවනීදරාසා නමැති පුද්ගලයෙක්.