Colombo Today Local News

ජනපති මැදුරට හා අරලියගහ මැදුරට ඇතුළු වූ 2ක් අත්අඩංගුවට

ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළුවීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොටුව පොලිස් වසමේ බැංකු මාවත ප්‍රදේශයේදී නීති විරෝධි ජනරාශියක සාමාජිකයෙකුව සිටිමින් උද්ඝෝෂණයක් පවත්වා රජයේ දේපොළ හානි කිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා පවතින බව පොලිසිය සඳහන් කරයි.

ඔහු කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු වයස අවුරුදු 32 ක කොස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එමෙන්ම අරලියගහ මන්දිරයට ඇතුළු වී දේපොළවලට හානි කළ තවත් සැකකරුවෙක් බම්බලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ, ඔහු වයස අවුරුදු 53 ක කොළඹ 3 ප්‍රදේශයේ පදිංචිකරුවක් බවයි.

Related posts

“අද අපේ රට පරාධීන තත්වයට පත්වෙලා“ – අතුරලියේ රතන හිමි

colombotoday

රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙක් ටිපරයක හප්පා පලායයි

colombotoday

මෛත්‍රී – චන්ද්‍රිකා හමුවක්

colombotoday

බදුල්ල, මහියංගනය, පානදුර, වැලිගම, මහරගම, අගලවත්ත පොහොට්ටුවේ නාම යෝජනා ප්‍රතික්ෂේපයි

colombotoday

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් පුද්ගලික අංශයට පවරන්නේ නෑ- නාමල්

colombotoday

ඉන්දීය ආධ්‍යාත්මික දේශක ශ්‍රී රවි ශංකර් ජනපති හා හිටපු ජනපති හමුවෙයි

colombotoday