මැදවච්චිය, ඉසින්බැස්සගල වැවේ දින ගණනාවක් අසාධ්‍ය තත්ත්වයකට පත්ව ප්‍රථිකාර ලබමින් සිටි වල් අලියෙකු පෙරේදා (08) දින සවස මිය ගොස් ඇත.
මෙලෙස මිය ගොස් ඇතිතේ අඩි 10 ක් පමණ උසැති අවුරුදු20ත් 25ක පමණ වයසැති වල් අලියෙකි.
මෙම වල් අලියා මැදවච්චිය අවට ප්‍රදේශ වල අපද්‍රව්‍ය දමන ස්තාන වලට ගොස් විවිධ අපද්‍රව්‍ය ආහාරයට ගැනීම හේතුවෙන් ඇති වූ අජීර්ණ තත්ත්වයක් හා අසාධ්‍ය තත්ත්වයක් මත මෙලෙස එක් තැන්ව ඇති බවත් ඒ සඳහා අවශ්‍ය ප්‍රථිකාර සිදු කරමින් සිටි බව වෛද්‍ය චන්දන ජයසිංහ මහතා අප කළ විමසීමකදී පැවැසීය.
එසේ ප්‍රථිකාර ලබමින් සිටියදී මෙම වල් අලියා පෙරේදා දින මිය ගිය අතර ගත වූ මාස අටක කාලය තුළදී මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ පමණක් වල් අලි මරණ 08 ක් වාර්ථා වී ඇත.