ඩාලි පාරේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිටින් ඊයේ ජන සටන පාද යාත්‍රාව ගමන් ගනිද්දී, පා ගමනේ ගිය පිරිසක් ශ්‍රීලනිප මූල්ස්ථානයට හූ තැබීම වැදූ මවට හූ කීවා හා සමාන පිළිකුල් සහගත ක්‍රියාවක් යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
සෑබෑ ශ්‍රීලනිප පාක්ෂිකයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ පක්ෂ මූලස්ථානයට එලෙස හූ තැබුවේ බීමතින් හැසිරුණු අමනෝඥයින් පිරිසක් බව පවසන ඇමතිවරයා එම ක්‍රියාව පාක්ෂිකයන් සහ සියළු රට වැසියන් පිළිකුලෙන් හෙළා දකින බවද කියා සිටී.