Colombo Today Local News

ඊ.ටී.එෆ් – ඊ.පී.එෆ් අරමුදල්වලින් 25%ක අධිභාර බද්දක් අය කිරීමට නීති සංශෝධනයක් කරයි

සේවක අර්ථසාධක අරමුදලින් සහ විශ්‍රාම වැටුප් පාරිතෝෂික අරමුදල ඇතුළු දේශීය ආදායම් පනතේ සමාගම් යටතට ගැනෙන අරමුදල් ගණනාවකින් සියයට 25ක අධි භාර බද්දක් අයකර ගත හැකි අයුරින් නව නීති සංශෝධනයක් ගෙන ඒමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. මීට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබේ. තක්සේරු වර්ෂයකදී රුපියල් මිලියන 2000කට වැඩියෙන් උපයන පුද්ගලයකුගෙන්, හවුල් ව්‍යාපාරයකින් හෝ සමාගමකින් සියයට 25ක අධිභාරයක් අයකළ යුතු බව එම පනත් කෙටුම්පතේ සඳහන් වේ.

එහි සඳහන් වන්නේ සමාගම යන්නට අදාළ අර්ථ නිරූපණය 2017 අංක 24 දරන දේශීය අදායම් පනතේ අර්ථයට සමාන විය යුතු බවයි. දේශීය ආදායම් පනතේ අර්ථකථනයට අනුව ‘විශ්‍රාම වැටුප් අරමුදලක් , අර්ථසාධක අරමුදලක්, විශ්‍රාම අරමුදලක්, විශ්‍රාම පාරිතෝෂික අරමුදලක් හෝ ඒ හා සමාන අරමුදලක්’ සමාගම යන අර්ථ නිරූපණයට ඇතුළත්වේ. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල ඇතුළු අරමුදල් ගණනාවකින් සියයට 25ක අධිභාරය අයකර ගැනීමට මෙම පනත් කෙටුම්පතින් හැකියාව ලැබේ.

මෙලෙස රුපියල් මිලියන 2000කට වැඩියෙන් උපයන පාර්ශ්වවලින් අධිභාර බද්දක් අයකෙරෙන බව 2022 අයවැය යෝජනාවලියෙන් ප්‍රකාශයට පත්කර ඇත.

Related posts

මළකඩ කෑ කඩු අරන් ගම්මන්පිල මාධ්‍ය හමුවේ… යහපාලන තෙවසර සමරයි

colombotoday

මහින්දානන්දගෙන් විශේෂ විමර්ශන කණ්ඩායමක් ප‍්‍රශ්ණ කරයි

colombotoday

යාපනය පේදුරුතුඩුව සජිත්ට – 82% ප්‍රතිශතයකින් දිනයි !

colombotoday

ජනපති, අගමැති අතර සීතල යුද්ධයක්.. ඇමතිවරු ගහගන්නවා.. මෙහෙම ආණ්ඩුවක් කරන්න බෑ

colombotoday

දූෂණ චෝදනා ඇති අය ගැන ජනපති දැඩි තීරණයක් ගන්න යනවාලු !

colombotoday

රංජන් පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයට.

colombotoday