Colombo Today Local News

බැසිල් රාජපක්ෂගේ විදෙස් තහනම ඉවත් කිරීමට මහාධිකරණයෙන් නියෝග.

නඩු දෙකක් සඳහා හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා වෙත විදේශ ගමන් වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝග දෙකක් ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (30)දින නියෝග කළේය.

මෝසමක් ඉදිරිපත් කරමින් විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරන ලද ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව මෙම තහනම් නියෝග ඉවත් කරනු ලැබීය.

2015 වසරේ පැවැත්වූ ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් අරමුදල්වලින් රුපියල් මිලියන 2992 කට අධික මුදලක් වැය කර දිවිනැගුම සහනාධාරලාභීන්ට නිවාස ආධාර ලබා දීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණි.

එම නඩුවෙන් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (30) නියෝග කළේය.

මේ අතර 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලින් රුපියල් මිලියන 38 ක මුදලක් වැය කර දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය සභා වෙත ජී.අයි.පයිප්ප බට මිලදීගෙන බෙදාහැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව තවත් නඩුවක් ගොනු කර තිබු අතර එම නඩුව සඳහා ද ඒ මහතා වෙත විදෙස් ගමන් තහනමක් පනවා තිබුණි.

එම නඩුව ද අද මෝසමක් මාර්ගයෙන් කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විසින් විත්තිකාර රාජපක්ෂ මහතා වෙත පනවා තිබු විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගය ඉවත් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝග කර තිබුණි.

Related posts

ජාතික ලැයිස්තුව නොමැතිව කිරිඇල්ල අර්බුදයක

Admin

පල්ලිවාසල්තුරේ වෙරළේ සගවා තිබු ලක්ෂ 75ක කහ තොගය

colombotoday

සාසනේ හිල් වහන්න ගෙනා ත්‍රිපිටක පනතේ හිලක්. – පර්යාප්තිය රකින මුවාවෙන් ම නසන මාරයාගේ උප්පරවැට්ටියක්.

colombotoday

මන්තී‍්‍රවරයකු අත්අඩංගුවට ගන්න රාති‍්‍රයේ නොව දහවල් යන්න – කථානායක පක්‍ෂ නායක හමුවේදී කියයි

colombotoday

20 සම්මතයට පෙරම ජනාධිපති ආණ්ඩු පක්‍ෂය ඩෝසර් කරන්න පටන් ගෙන.. ඇමතිවරු රූකඩ කරලා

colombotoday

ගංවතුරට හසුවූ පොත් පත් රැකගන්නේ මෙහෙමයි

colombotoday