සාමාන්‍ය බස් ගාස්තු අද(4) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
පසුගියදා ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කිරීමේ වාසිය මගී ජනතාවට ලබාදීම සඳහා එලෙස බස් ගාස්තු අඩු කරන බව එහි අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරෙන්ඩා මහතා පවසයි.
අඩු කෙරෙන බස් ගාස්තුවේ ප්‍රතිශතය අද (04)දින ප්‍රකාශයට පත් කරන බව ද ඔහු සදහන් කළේය.