Colombo Today Local News

පාසලක සිසුවෙක් ඔංචිල්ලාවෙන් ඇද වැටී මරුට

මොරටුමුල්ල, විල්ලෝරාවත්ත ප්‍රදේශයේ රජයේ පාසලක සිසුවෙකු ඊයේ (අගෝ. 9) දහවල් කාලයේදී හදිසි අනතුරකින් මිය ගොස් තිබේ.

මෙම පාසල් සිසුවා පාසල් විවේක කාලය තුළ සිසුන් කිහිප දෙනෙකු සමග පාසලේ යකඩ ඔංචිල්ලාවක් පදිමින් සිටියදී එයින් බිමට ඇද වැටී බරපතළ තුවාල ලබා ලුනාව රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇතැයි අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

මිය ගිය දරුවා වයස අවුරුදු 14ක් වූ පහළ ඉදිබැද්ද, මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මොරටුමුල්ල පොලිසිය සිදු කරයි.

Related posts

මම ඉල්ලන්නේ නැත්තේ පරදින නිසා

Admin

ඥාණසාර හිමි චීවරය ගලවා ජම්පරය ඇදීම ප්‍රතික්ෂේප කරති, සිරගෙදරදී උපවාසයකට සැරසෙයි

colombotoday

ගංවතුරෙන් මියගිය ගණන 300 වැඩියි… අපේ පෙර සූදානම නොවෙන්න 1000කට වඩා මිය යනවා

colombotoday

රජයෙන් වීවලට අවම මිලක්

Admin

ලංකාවට කොකා පෙන්වූ හුසේන් බ්‍රිතාන්‍ය යුධ අපරාද (විල්කොට්) වාර්තාව ගැන ‘නෝ ටෝක්’

colombotoday

අද සිට සිකුරාදා තෙක් විදුලිය කැපෙන කාලසටහන

colombotoday