Colombo Today Local News

දුම් සහතික ආදායමෙන් රු4500ක් ‘අක්බාර්ට සහ ලාෆ්ට’.. ආණ්ඩුවට 10% පමණයි.. කොමිස් කුට්ටිය කා අතටද?

පසුගිය ආණ්ඩුව මගින් හදුන්වාදුන් වායු විමෝචන සහතිකය හෙවත් දුම් සහතිකය නිකුත් කිරීමට රට පුරා ඇති මධ්‍යස්ථානවල වැඩි හිමිකාරීත්වය ඇත්තේ සමාගම් දෙකකට වීමත් එමගින් අදාල සමාගම් දෙක එම ව්‍යාපාරයේ ඒකාධිකාරියක් ගොඩනගා ගනිමින් අති විශාල මුදලක් රැස්කරගැනීම ඉඩ සලසා දීම රජයේ වැරදි ආර්ථික දැක්මක් බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

2016 අයවැයෙන් අදාල වාහන දුම් පරීක්ෂණ සහතිකය රුපියල් 1000 රුපියල් 5000 දක්වා වැඩි කරනු ලැබූවත් එමගින් රජයට ලැබෙන්නේ 10%ක් ආදායමක් බව අනාවරණය වී තිබේ. එනම් දුම් සහතිකයෙන් ආණ්ඩුවට ලැබෙන්නේ රුපියල් 500ක මුදලක් පමණය. 90% වන ඉතිරි ආදායමෙන් වැඩි ප්‍රමාණයක් උපයා ගනු ලබන්නේ ‘අක්බාර් බ්‍රදර්ස්’ සහ ‘ලාෆ්ස් ලංකා’ යන අදාල සමාගම් දෙකය.

වායු විමෝචන සහතික නිකුත් කිරීම ආරම්භ වන්නේ 2008 පරිසර අමාත්‍යවරයාව සිටි චම්පික රණවක යටතේය. පසුගිය රජයේ ප්‍රබලයන් විසින් දුම් පරීක්ෂණ සහතික නිකුත් කිරීමේ ඒකාධිකාරය අදාල සමාගම් දෙකට ලබාදී දැවැන්ත කොමිස් මුදලක් ලබා ගත් බවට චෝදනා එල්ල විය. එවකට රුපියල් 1000ක් වූ දුම් සහතිකය රුපියල් 5000 දක්වා වැඩි කිරීමෙන් එම කොමිස් මුදල ඩබල් ට්‍රිබල් වී යහපාලන රජයේ ප්‍රබලයන්ද අතටමි සරු කරගනිමින් සිටින බවට චෝදනා එල්ල වෙමින් පවතී.

අදාල ගාස්තුව රුපියල් 1000 සිට 5000 දක්වා වැඩි කිරීමෙන් රජයේ ආදායම ඉහළ නොයන අතර පැහැදිළිවම සිදුව ඇත්තේ අදාල සමාගම් දෙකට ලැබෙන ලාභය පෙරට වඩා දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ යෑමයි. මෙය පැහැදිලිවම සමාගම් දෙකක් හරහා ඔවුන්ගේ දේශපාලන ‍හිතවතුන් ජනතා මුදල් මහ දවාලේ මංකොල්ල කෑමක් බවට චෝදනා එල්ල වෙමින් පවතී.

Related posts

ලංකා රජයට බලපෑම් කර ෆෙඩරල් අරන් දෙන්න.. විග්නේෂ්වරන් බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි

colombotoday

වෛද්‍ය සාෆිගේ පෙත්සම විසිවෙයි

Admin

පෙට්‍රල් මිල රු.21කින් අඩු කෙරේ

Admin

ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණරත්න CID අත්අඩංගුවට ගන්න යයි

colombotoday

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් රැගත් ඉන්දීය යානය හෙට පෙ.ව 11.00ට

colombotoday

“යහපාලන ආණ්ඩුවේ හරක් පැටවූ එලි බැහැලා” – අජිත් පී පෙරේරාට එරෙහිව සමුර්ධි නිලධාරීන් උද්ඝෝෂනයේ

colombotoday