රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් කොළඹ 07 සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී සංවිධානය කරතිබූ “විරුවනි ඔබ සුරැකීමෙට අප සූදානම්” උත්සව සභාව අමතමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ දේශනයක් සිදු කළේය.
මානුෂීය මෙහෙයුමේදී රට වෙනුවෙන් රණවිරුවන්, බුද්ධි අංශ සිදුකළ සුවිශේෂී මෙහෙවරත්, යුද්ධයෙන් පසු සංහිදියාව ගොඩනැගීම සදහා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල හා වත්මන් රජය සංහිදියාව නමින්, රණවිරුවන් ලැබූ ජයග්‍රහණය ආපසුහරවමින් සිදුකරන ක්‍රියාදාමය පිළිබදව රාජපක්ෂ මහතා එහිදී සංවේදී ලෙස අදහස් පලකළේය.