Colombo Today Local News

වැඩිහිටි දීමනාවෙන් කපාගත්ත රුපියල් 100නැවත වැඩිහිටියන්ට දෙන්නැයි කෝප් කමිටුව දන්වයි

sb disanayake 233

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රජය මගින් ලබාදෙන වැඩිහිටි දීමනාව වූ රුපියල් දෙදහසින් රුපියල් 100ක මුදලක් වෙනත් අරමුදලකට කපා ගන්නා බවට අනාවරණය වීමෙන් පසුම එම කපා ගැනීම වහාම නවත්වන්නැයි පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) විසින් වැඩිහිටි ලේකම් කාර්යාල ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

දැනට මාස තුනක කාලයක් කපාගෙන ඇති බව අනාවරණය වී ඇති අතර එම මුදල ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට යළි ගෙවීමට දැනුම් දුන් බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි. අදාල අනුමැතියකින් තොරව එවැනි මුදල් කපා ගැනීමක් කළ නොහැකි හෙයින් මෙම දැනුම් දීම කර ඇතැයි වාර්තා වේ.

වැඩිහිටියන්ට රජයෙන් ලබාදෙන රුපියල් 2000න් රුපියල් 100ක් කපාගෙන එය වැඩිහිටි සුබසාධන අරමුදලකට බැර කිරීම සිදුකරන ලද්දේ සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ සංකල්පයක් අනුව වන අතර, එම තීරණය ගැනීමට සිදුවූයේ වැඩිහිටි සුබසාධන කටයුතු සදහා රජයෙන් ප්‍රමාණවත් මුදල් නොලැබෙන බැවින් යැයි ඇමතිවරයා සදහන් කර තිබිණි.

Related posts

ජනපතිගෙන් ගවයන්ට තාවකාලික සහනයක් !

colombotoday

මින්පසු ඇමතිලාට හිතු මනාපේ වැඩ බෑ… රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත්කිරීම විද්වත් මණ්ඩලයකින්…

colombotoday

ජනපතිගේ සංශෝධනවලටත් පයින් ගහලා.. අගමැති පනත සම්මතකරේ බලහත්කාරයෙන් !

colombotoday

පළාත් 6කට නව ආණ්ඩුකාරවරු පත්කෙරේ !

colombotoday

‘මේ පාර හිරෙ යනවනම් යන්නෙ තනියම නෙවෙයි‘ – ඥාණසාර හිමි සමග රහසිගතව කළ සාකච්ඡාව

colombotoday

2028 දී තියෙන්නෙත් මාලිමා ආණ්ඩුවමයි

Admin