Colombo Today Local News

ගත වූ පැය 72දී 40 දෙනෙක් මග මරුවාට බිලි වෙයි

ගත වූ පැය 72ක කාලය තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ රිය අනතුරුවලින් ඊයේ (16) දිනයේ පමණක් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බවය.

පසුගිය 14වනදා රිය අනතුරු හේතුවෙන් මරණ 14ක් වාර්තා වු බවත් 15වනදා මරණ 16ක් වාර්තා වු බවත් ඒ මහතා පැවසීය.

අවනීත රියදුන්ගේ රිය පැදවීම් හේතුවෙන් මෙම මරණ සිදු වී ඇති බවත් මාර්ග නීති උල්ලංගනය කරණ අය සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමුකරන බවද අජිත් රෝහණ මහතා අවධාරණය කළේය.

මේ අතර අධිවේගී මාර්ගවලද විශේෂ මෙහෙයුම් දියත් කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

කසිප්පු විකිණු කතකගෙන් කප්පම් ගත් හමුදා බුද්ධි නිලධාරීන් හතරක් අත්අඩංගුවට

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සෞඛ්‍ය ආරක්ෂක විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතුයි – කථානායක මහින්ද යාපා

colombotoday

සහල් ආනයනය නොකිරීමට රජය තීරණය කරයි !

colombotoday

මංගලගේ ලේකම් රුවන්, රවී ගිය මඟ යමින් ඉල්ලා අස් වේ !

colombotoday

24-30න් විවාහ වෙන්න,රජයෙන් නිවාසයක්

Admin

විජිතපුර නටඹුන් විනාශය – චෝදනාව නිවාස අධිකාරියට.. ප්‍රා දේශීය ලේකම් දැන් කියන කතාව මෙන්න

colombotoday