Colombo Today Local News

ජපානයේ සේවය කල ශ්‍රී ලාංකිකයෙක් මරුට… සැකකරුත් ශ්‍රී ලාංකිකයෙක්

ජපානයේ ටෝකියෝ නගරයේ ඊසාන දෙසින් පිහිටි ඉබරාකි ප්‍රාන්තයේදී ශ්‍රී ලාංකිකයෙකු මරණයට පත් වී තිබේ.

ඉබරාකි ප්‍රාන්ත පොලිසිය එය මනුෂ්‍ය ඝාතනයක් යැයි සැක කර විමර්ශනය කරන බව එරට මාධ්‍ය වාර්තා කළේය.

එලෙස මරණයට පත් වී ඇත්තේ, 45 හැවිරිදි උපුල් රෝහණ ධර්මදාස නම් පුද්ගලයෙකි.

පසුගිය ඉරිදා (ජූනි 5) බන්ඩෝ නගරයේ පිහිටි කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් අතර ගැටුමක් හටගෙන ඇතැයි පොලිසියට දුරකතන ඇමතුමක් ලැබී ඇත.

එම අවස්ථාවේදී අදාළ ශ්‍රී ලාංකිකයා වම් උරහිසෙහි ලේ ගලමින් සිටියදී හමු වූ බව ඉබරාකි පොලිසිය ප්‍රකාශ කර තිබේ.

පොලිසිය ඔහු රෝහල්ගත කිරීමට කටයුතු කළ ද ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්වී ඇතැයි වෛද්‍යවරු තහවුරු කර ඇත.

මිය ගිය ධර්මදාස බන්ඩෝ නගරයේ දිවි ගෙවා තිබේ.

එම ස්ථානයේ තිබී ලේ තැවරුණු පිහියක් පොලිසිය සොයා ගෙන ඇතැයි ජපාන මාධ්‍ය සඳහන් කර ඇත.

මිය ගොස් ඇති පුද්ගලයාට එම කර්මාන්ත ශාලාවේ ම සේවය කරන තවත් 29 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු සමග ගැටලු පැවති බවට බොහෝ සේවකයින් පොලිසියට ප්‍රකාශ කර තිබේ.

එම ශ්‍රී ලාංකිකයා ද අපරාධ වූ ස්ථානයේ සිට ඇති බවත් මේ වන විට ඔහුගෙන් පොලිසිය ප්‍රශ්න කරන බව ත් ජපාන මාධ්‍ය වාර්තා කළේය.

Related posts

කොවිඩ්-19 මට්ටු කරන්න අපිටත් අවස්ථාව දෙන්න.| ලග්ගල දේශීය වෙදැදුරෝ ජනපතිගෙන් ඉල්ලති

colombotoday

අලුත් ව්‍යවස්ථාව ජනමතයට පිටුපෑමක්… එජාපය ඩී.එස්. ඩඩ්ලිලාටත් අවනම්බු කරනවා – මල්වතු අනුනාහිමි

colombotoday

රජිත් කීර්ති ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ධුරයට

colombotoday

මෝටර් රථය ගසක හැපී මල්ලීගේ දෑස් ඉදිරිපිට අයියා දිවියෙන් සමු ගනී

colombotoday

කොවිඩ් කාඩ්පත්වල වලංගු බව සොයා බැලීමට තීරණයක්

colombotoday

හමුදා මාධ්‍ය ප්‍රකාශකට හමුදාපතිගෙන් විශේෂ නියෝගයක්

colombotoday