Colombo Today Local News

වෘත්තීය දක්ෂතා පෙන්වන සිසුන් 09 ශ්‍රේණියේ සිට ම වෘත්තීය අධ්‍යාපනයට යොමු කල යුතුයි. – අධ්‍යාපන ඇමති

පෙරපාසලේ සිට ම අධ්‍යාපනය සම්පූර්ණයෙන් ප්‍රතිව්‍යුහගත විය යුතු බව අධ්‍යාපන අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

සිසුන්ගෙන් කොටසක් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයටත් හැකියා සහ දක්ෂතා සහිත තවත් පිරිසක් වෘත්තීය අධ්‍යාපනයටත් බෙදී යන ලෙස අධ්‍යාපන පද්ධතිය ම වෙනස් විය යුතු බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

ඊයේ (31)දින නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ දී පැවති රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් ප්‍රකාශ කර ඇත්තේ, සිසුන් මෙම දෙඅංශයට යොමු කිරීමේ දී වෘත්තීය දක්ෂතා පෙන්වන සිසුන් 09 ශ්‍රේණියේ සිට ම තෝරා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රවේශ කිරීමෙන් වඩාත් සාධනීය ප්‍රතිඵල අත් කරගත හැකි බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශ සහ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම රැස්වීමට එක්ව සිට ඇත.

Related posts

ETCA අවසන් සාකච්ඡාවට ඉන්දීය වාණිජ ඇමතිනිය 26 එයි !

colombotoday

සැප වාහන ඕන.. හිගන්නො වගේ ඉන්න බෑ.. ඇමතිවරුන්ගේ වරප්‍රසාද කපා රට ගොඩනගන්න බෑ

colombotoday

බිත්තර වී වගාවට රසායනික පොහොර නිකුත් කරයි

colombotoday

චීනය හා හොංකොං යා කරමින් ඉදිකළ ලොව දිගම පාලම විවෘත කෙරේ

colombotoday

ලංකාපුර රාජ්‍ය නිලධාරිනිය ඝාතනය සැමියා පාපොච්චාරණය කරයි

colombotoday

රටේ කිසිම අර්බුදයක් නෑ

Admin