ප්රචණ්ඩකාරීන් පිරිසක් විසින් නිට්ටඹුවේදී ඝාතනය කෙරුණු ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරු දිස්ත්රික් මන්ත්රී අමරකීර්ති අතුකෝරල මහතාගේ එම ඝාතනයට විරෝධය පළ කරමින් ඒ පෙරමුණේ සියලුම මන්ත්රීවරුන් කළු පටි පැළැඳ පාර්ලිමේන්තු සභා ගර්භයට අද (10)දුන පැමිණ සිටීම විශේෂ සිද්ධියක් විය.
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාද කළු පටියක් පැළඳ සභාගර්භයේ රැඳී සිටිනු දැකගත හැකිවිය.
මහින්ද රාජපක්ෂ මහතාගේ අතක කළු පටිය බඳිනු ලැබූවේ මාතලේ දිස්ත්රික් මන්ත්රී ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසිනි.