Covid 19

සොයිසා කාන්තා රෝහලේ කොවිඩ් ආසාදිත බිළිඳුන් 70ක් උපත ලබයි

සොයිසා කාන්තා රෝහලේදී කොවිඩ් -19 ආසාදිත බිළිඳුන් 70 දෙනෙකු පමණ මේ වනවිට උපත ලබා ඇති බව නව ජන්ම ළදරුවන් පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එම සියලු බිළිඳුන් වෙන්ව ආරක්ෂා සහිතව රැකබලා ගැනීමට කටයුතු කර ඇති බවය.

ඉදිරියේදී සෑම රෝහලකම කොවිඩ් ආසාදිත බිළිඳුන් රැකබලා ගැනීම සඳහා වෙන්ව ඒකකයක් පිහිටුවීමට පියවර ගත යුතු බවද කොළඹ අද (07)දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ මහතා සඳහන් කළේය.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් කාසල් වීදිය කාන්තා රෝහලේ ළදරු රෝග විශේෂඥ වෛද්‍ය එල්.පී.සී. සමන් කුමාර මහතා සඳහන් කළේ ගැබිණි කාන්තාවන්ට කොවිඩ් -19 ආසාදනයවීම වළක්වා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවය.

Related posts

සුනිල් පෙරේරාට කොවිඩ්

colombotoday

පෝලන්ත ජනපතිටත් කොරෝනා

colombotoday

‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍රභේදය ආසාදිත කාන්තාවක් IDH රෝහලට

colombotoday

ඊයේ තහවුරු කල තවත් කොවිඩ් මරණ 21ක්

colombotoday

ඇමරිකාව ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි!

colombotoday

ඇල්ෆා ප්‍රභේදයෙන් ගැබිණි මව්වරු 12ක් මරුට | අලුත් කොවිඩ් සතුරෙකුත් සමාජයේ කැරකෙයි

colombotoday