Colombo Today Local News

අස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාවට එන්නත සොයා ගැනීම දුෂ්කරයි. ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග පවසයි.

අස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් ජනතාවට එහි දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා එම එන්නත සොයා ගැනීම දුෂ්කර වී ඇතැයි එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි.

අස්ට්‍රාසෙනිකා එන්නත හදන සිරම් ආයතනයට ඉන්දියාව මුහුණ දී ඇති අර්බුදය නිසා එන්නත් සැපයිම කළ නොහැකි වී ඇතැයි පැවැසූ වීරතුංග මහතා ඒ ආයතනය හදන එන්නත් ඉන්දියාවට ද අද මදි වී ඇතැයි ප්‍රකාශ කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් ආයතනයටවත් එම එන්නත සොයාගැනීම අද දුෂ්කර වී ඇතැයි ඔහු සඳහන් කරයි.

එම එන්නත් හැකිනම් ලබා දෙන්නැයි රජය සිරම් ආයතනයෙන් ඉල්ලීම් කර ඇති බවත් එහෙත් ඔවුනට රජයේ ඉල්ලීම ඉටු කිරීමට නොහැකි වී ඇති බවත් ලලිත් වීරතුංග මහතා පවසයි.

එන්නත් මිලදී ගැනීමට රජයට මුදල්වල ප්‍රශ්නයක් නැතැයි ද ඔහු අවධාරණය කරයි.

Related posts

මැති ඇමැතිවරු 40 ක් රුපියල් කෝටියක ජල බිල්පත් ගෙවලා නෑ !

colombotoday

නාමල් පැඟිරාට බැටන් එක මාරු වන යුගය අවසන් – විමල් වීරවංශ

Admin

හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ නිවසක් හොරු බිදලා

Admin

විශ්වාසභංගය පරාජයට පත්වෙයි… අගමැති රනිල්ට ජය

colombotoday

අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට

colombotoday

අංක එකේ කුඩු ජාවාරම්කරු මොහොමඩ් සිද්දික් ඇපමත නිදහස්…

colombotoday