එක්සත් ජනතා නිදහස් සන්ධාන මූලස්ථානය මඟින් පවත්වනු ලබන කාන්තා වැඩමුළුවට තමන් සහභාගී නොවන බව පවසමින් එම පක්ෂයේ මහින්ද පිල නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීවරියන් පිරිසක් ඊයේ මාධ්‍ය හමුවකදී (11) එම ලිපි ඉරා දමමින් විරෝධතාවය දැක්වූවේය.
ඒ සම්බන්ධව අදහස් දක්වමින් මහරගම හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර මහත්මිය කියාසිටියේ, ” අපගේ කිසිම එකඟතාවයක් ඇතුව කරන දෙයක් නෙවෙයි මේ කාන්තා වැඩමුළුව. ඒක නිසා අපි මේ වැඩමුළුවට සහභාගී වෙන්නේ නැහැ” බවයි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රීලනිප මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේ ලිපි ඉරා දැමූ අය, පක්ෂය අතහැර ගිය අය සේ සළකා විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.