Colombo Today Local News

සාකච්ඡා අති සාර්ථකයි.. ETCA ලෑස්තියි.. වැඩි වාසි ලංකාවටයි- ඉන්දියාව කියයි

y p sinha

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත අර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම සම්බන්ධයෙන් පැවැත්වූ ද්විපාර්ශවීය සාකච්ඡා අති සාර්ථක වූ බවත් ඉතා ඉක්මනින් එට්කා ගිවිසුම යතාර්ථයක් වනු ඇති බවත් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වයි.කේ. සිංහා මහතා පවසයි.

ඉන්දීය නිදහස් දිනය වෙනුවෙන් කොළඹදී පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවැසීය. මෙම ගිවිසුමට අදාළ පාර්ශ්වයන් පිළිබඳව හොඳ සාකච්ඡාවට කිහිපයක් පැවැත්වූ බවද ඔහු සඳහන් කළේය.

එට්කා ගිවිසුම දෙපාර්ශ්වයටම ජය – ජය (Win – Win) තත්ත්වයක් නිර්මාණය කෙරෙනු ඇති බව පෙන්වා දෙන ඉන්දීය මහකොමසාරිස්වරයා මෙම ගිවිසුම හරහා ශ්‍රි ලංකාවට බොහෝ ආර්ථික වාසි අත්වෙන බවද පැවැසීය.

පසුගිය වසරේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති වෙළදාමේ වටිනාකම ඩොලර් බිලියන 4.6ක් වුවත් එයින් ඩොලර් බිලියන 4ක්ම ඉන්දියාවට අයත් බව පෙන්වා දුන් මහකොමසාරිස්වරයා ගිවිසුම හරහා ශ්‍රී ලංකාවේ වටිනාකම ඉහළ දැමීමට ඉඩ තිබෙන බවද පැවැසීය.

Related posts

“ලෝකයේ කිසිම හමුදා කඳවුරක් පෙරහුරුවකදී පුපුරා නෑ” ආරක්ෂක ලේකම්ගේ ප්‍රකාශය ගැන හමුදාව කියයි

colombotoday

සහජීවනය තකා බෞද්ධයන්ටත් ලේක්හවුසියේ නත්තල් කැරොල් අනිවාර්ය වේ !

colombotoday

ලබන මාසයේ සිට ඉන්ධන වලට උපරිම සිල්ලර මිලක්.. සමාගම්වල අභිමතයට ඉන්ධන අලෙවි කළ හැකි

Admin

නූල්කඳුර බස් රථයක් පාලමකින් පෙරළී අනතුරක් සිදුවේ

Admin

බහාලුම් ප්‍රවාහන රථ 4000 ක් ධාවනයෙන් ඉවතට.. ආහාර, ඖෂධ ප්‍රවාහන සේවා සම්පූර්නයෙන්ම ඇන හිටී.

colombotoday

ඝනපූර්ණය නැතිව පාර්ලිමේන්තුවේ කටයුතු නවතී

Admin