නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරියක් මිට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී ඔවුන් දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතාත්, මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙස එස්.බී. දිසානායක මහතාත්, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.