Colombo Today Local News

ලොකු ලොකු තැන්වලට මුවා වී නායකත්ව ගුරා හන්තානේ දැරියන් වික්ක හැටි හෙළිවේ !

Hanthane guraa2365

මහනුවර හන්තාන ප්‍රදේශයේ මානව ව්‍යවසායකත්ව පුහුණු විද්‍යා පීඨයේ නේවාසිකව අධ්‍යාපනය ලබමින් සිටි පාසැල් වයසේ ගැහුණු ළමුන් 17 දෙනෙක් අපයෝජනය කිරීම සිදුවීමේ ප්‍රධාන සැකකරු වන චන්දිමාල් ගමගේ නමැති දේශකවරයා මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔහු තම ජනප්‍රියත්වය සදහා දේශපාලකයන්, ආරක්ෂක අංශ නිලධාරීන්, ආගමික නායකයන් ඇතුළු සමාජ පිළිගැනීමට ලක්වූ බලවත් පුද්ලයන් ද ආවරණයක් කරගෙන තිබෙන අතර දිවයිනේ නම ගිය දේශකයන් සහ අධ්‍යාපනඥයන්ද ඔහුගේ වැඩමුළු සදහා සහභාගිකරගෙන තිබෙනවා. පහත දැක්වෙන්නේ මීට පෙර ඔහු විසින් පැවැත්වූ වැඩමුළුවකදී මැති ඇමතිවරුන් පිරිසක් සමග සිටින වීඩියෝවක්.

චන්දිමාල් ගමගේ නමැති පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු රැසක් පොලීසිය මේවන විට හෙළිකරගෙන තිබෙන අතර, පසුගිය පොසොන් දින රාත්‍රියේ පුහුණු මාධ්‍යස්ථානයේ නේවාසිකව සිටි දැරියන් 17 දෙනෙකු පිටතට ගෙනගොස් කෝටිපති ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට මුදලට අළෙවි කර තිබෙන බවද පරීක්ෂණ වලින් මේවන විට අනාවරණය කරගෙන තිබෙනවා.

ප්‍රධාන සැකකරු මීට දෙසතියකට පෙර නායකත්ව පුහුණුව පිළිබද වැඩමුලුවක් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේ ද පවත්වා ඇති අතර එම වැඩමුලුවට එක් වූ නේවාසිකව අධ්‍යාපනය ලබන දැරියන් දෙදෙනෙක් ආයතනයෙන් පිටතට ගෙන ගොස් බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර ඇති බව හෙළි වී තිබෙනවා.

මෙලෙස දැරියන් බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය පිටුපස සිටින ප්‍රසිද්ධ දැන්වීම් ආයතන හිමිකරුවෙක් පිළිබඳව ද පොලිසිය සොයා ගැනීමට සමත් වුණා.

මෑත කාලයේ ආරක්ෂක අංශයක ප්‍රධානියෙක් පත් කළ අවස්ථාවේ දී ඔහු පිළිගැනීම සඳහා බැනර් පෝස්ටර් හා කටවුට් ගසා පිළිගෙන ඇත්තේ ද මෙම පුද්ගලයායි.

Related posts

මීගමුව බන්ධනාගාරයෙන් දුරකථන 61ක් සොයා ගනී

colombotoday

වියළි කාලගුණයෙන් හානිවූ ගොවිබිම්, අක්කර 50,000ක් දක්වා ඉහළට

Admin

බණ්ඩාරනායක මැතිනිය හිටවූ ගසට ගිනි තැබූ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරියා අත්අඩංගුවට

colombotoday

අකුණු සැර වැදී මැදවච්චියේ ගොවියෙකු මරුට

colombotoday

හිටපු ජනපතිගේ හමුදා ආරක්ෂාව ඉවතට

colombotoday

අයහපත පලවා හැර යහපත කැන්දන, හින්දු බැතිමතුන් අඳුරින් ආලෝකයට පැමිණීම සමරන දීපාවලි උත්සවය අදයි

colombotoday