දුමින්ද දිසානායක මහතා නව ආණ්ඩුවට සම්බන්ධ කරගැනීම පිළිබදව ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අතර ඇතිවූ උණුසුම්කාරි මත ගැටුමත් ඇතිව තිබෙන බවට වාර්තා වනවා.
දුමින්ද දිසානායක මහතා අද දිනයේ නව අමාත්‍ය ධුරයක දිවුරුම් දීමට නියමිතව සිටි අතර මේ තත්වය හේතුවෙන් ඔහු ජනාධිපති කාර්යාලයට නොයා නිවසට වී සිටින බවද පැවසෙනවා.
දුමින්ද දිසානායක මහතා ආණ්ඩුවට සම්බන්ද කරගැනීමට තිලංග සුමතිපාල මහතා සහ දිලාන් පෙරේරා මහතා දැඩි ලෙස විරෝධය පලකර ඇති අතර, එහිදි දැඩි උණුසුම්කාරි තත්ත්වයක් මතුව තිබෙනවා. ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා විසින් දිලාන් පෙරේරා මන්ත්‍රීවරයාට පහර දිමටද සූදානම් වූ බවයි.