Colombo Today Local News

මට මඩ ගැහුවා… දැන් මරණවා කියා තර්ජණය කරනවා – රාජ්‍ය ඇමති සුජීව

තමන්ට මරණීය තර්ජන ඇති බව ජාත්‍යන්තර වෙළඳ සහ ක‍්‍රමෝපාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් තමන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී (19) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුජීව සේනසිංහ මහතා මෙසේ ද කීවේය.

‘‘මට එල්ල වෙලා තියෙන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් තියලා මම ප‍්‍රතිචාර දක්වපු දවසේ රාත‍්‍රීයේ මම කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ අගමැතිතුමාත් එක්ක උත්සවයකට සහභාගී වුණා. රාත‍්‍රී 10.00 ට විතර මට දුරකතන ඇමතුමක් ආවා. ඇන්ටන් දේශප‍්‍රිය කියලා මට කුනුහර්පෙන් බැන්නා. මරනවා කියලා මට තර්ජනය කලා. තත්පර 40ක් විතර බැන්නාට පස්සේ මම දුරකතනය විසන්ධි කලා.

මේ නම්බරය ගැන හොයලා බලන විට මම මේ නම්බරය මම මෙයට කලින් ඉතාලි බූරුවා කියලා සේව් කරගෙන තියෙනවා. මෙයට වසරකට පමණ කලින්තු මේ පුද්ගලයාම මට මරණීය තර්ජනය කළා. මිරිහාන පොලිසියේ මම මේ ගැන එවක පැමිණිල්ලක් කලා. මේ ගැන විමර්ශන කරන විට නලීන් බණ්ඩාර මහතාටත් මෙයට වසරකට පමණ පෙර මරණීය තර්ජනය කරලා තියෙනවා කියලා හෙළි වුණා.

අපිට එදා කෝල් කරලා තියෙන්නේත් ඇන්ටන් දේශප‍්‍රිය කියන මේ පුද්ගලයාමයි. මම මේ ගැන යළිත් පොලිස් මූලස්ථානයටත් පැමිණිල්ලක් ඉදිරිපත් කළා

මේ ගැන තොරතුරු ජාත්‍යන්තර පොලිසියට දාලා මේ අය ලංකාවට ගේන්න  ඕනෑ. අපි බලාපොරොත්තු වෙනවා ඒ නීතිය මේ රටේ ක‍්‍රියාතමක වෙයි කියලා’’ යැයිද ඔහු එහිදි කියා සිටියේය.

Related posts

ආශු මාරසිංහ ඉල්ලා අස්වෙයි

colombotoday

මහ සෙනගක් කොටුවට රොද බදී.. ඥාණසාර හිමි වෙනුවෙන් මහ සත්‍යග්‍රහයක් (Live video)

colombotoday

මෙවර මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අගෝස්තු 6

colombotoday

මාණික්කමඩු විහාරයට නැවතත් “සංහිදියාව” හරස් වෙයි.. ඉදිකිරීම් අත්හිටුවමින් නියෝගයක් !

colombotoday

සබරගමුව ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

Admin

ජුලි 09 වනදා ජනපති නිවසට ඇතුළු වූ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday