Colombo Today Local News

යාපනයේ දැරිය ඝාතනයේ වගකීම හමුදාවේ ගිණුමට ?

මේ සතිය මුලදී මළ සිරුර සොයාගන්නා ලද පාසල් දැරියගේ මරණයට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ යුද හමුදාව ද වගකිව යුතු බවට චෝදනා කරමින් පාසල් සිසු සිසුවියන් ඇතුළු පිරිසක් යාපනයේ උද්ඝෝෂණයක නිරත වූ අතර නගරයේ කඩ සාප්පු වසා හර්තාලයක් දියත් කරන ලදී.

සුලිපුරම් හි ලිඳක තිබී මල සිරුර හමුවූ හය හැවිරිදි සිවනේස්වරන් රෙජිනා ට ලිංගික අපරාධයක් කොට ගෙල සිරකිරීමෙන් මරණය සිදු කර ඇති බව යාපනය අධිකරණ වෛද්‍ය එස් මයුරන් වාර්තා කර තිබේ.

සැකපිට අත් අඩංගුවට ගන්නා ලද හයදෙනාගෙන් එක් අයකු මත්ද්‍රව්‍ය භාවිතා කොට අපරාධය කළ වග පිළිගත්තේ යයි පොලිසිය පවසයි.

අනික් පස් දෙනා ඇප මත නිදහස් කොට යවා තිබේ.

උතුරු පලාතේ ආණ්ඩුකාරයා ඇතුළු රජයේ බලධාරීන්ට සංදේශ භාරදුන් විරෝධතා කරුවන්, උතුරට මත් ද්‍රව්‍ය ගෙන ඒම සම්බන්ධයෙන් වගකිව යුතු බවට චෝදනා කළේ යුද හමුදාවට සහ ආණ්ඩුවේ දේශපාලකයන්ටයි.

දැරියට අපරාධ කළවුන්ට පමණක් නොව ඒ අපරාධයට දායක මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ද නීතිය හමුවට ගෙන ඒමට පියවර ගන්නා මෙන් උද්ඝෝෂකයෝ බලකර කියා සිටියහ.

Related posts

තිරු නිඩේෂන් අල්ලස් කොමිසමට

colombotoday

මහනාහිමියන් සංවේදී වෙයි.. සති දෙකකින් පිළිතුරු දෙන්න පොරොන්දුවක් !

colombotoday

“තව කාලෙකින් ජාතික ගීය අරාබියෙන් ගයන්නත් ඉල්ලයි“ ජාතික ගීය දෙමළ බසින් ගැයීම ගැන මහින්දගේ අදහස මෙන්න

colombotoday

මාදම්පේ පනිරෙන්ඩාව වන රක්ෂිතයෙන් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

Admin

සියලු පාසල්වල ප්‍රාථමික අංශ 25 සිට ඇරඹේ

colombotoday

තියුණු ආයුධයකින් පහර දී අකුරැස්සේ පුද්ගලයෙකු ඝාතනය කෙරේ

colombotoday