Colombo Today Local News

“S තුනෙන් බාල වෛද්‍යවරු බිහිකරන කොතලාවල පනත එපා” – වෛද්‍ය සිසුන් පාර්ලිමේන්තුව අසල විරෝධතා

අද (20) දින පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පනත වෛද්‍ය සභාවේ නිර්දේශයන්ට යටත්ව සකස් කරන ලෙසත් වෛද්‍ය සභාවේ නිර්දේශයන්ට පටහැනිව සකස් කරන ලද මෙම වාර්තාව පාර්ලිමේන්තුවේ අනුමත කිරීමෙන් වලකින ලෙසත් ඉල්ලමින් වෛද්‍ය සිසූහු මේ වනවිට පාර්ලිමේන්තුව අසළ විරෝධතාවයක නිරත වෙති.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව හරහා සම්මත වුවහොත් එස් තුනෙන් බාල වෛද්‍යවරු බිහිකරන තත්වයක් උදාවන බවත් එමනිසා පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට සහාය නොදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බලකර සිටින බවත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු දිඳුල අමරසිංහ මහතා සඳහන් කරයි.

Related posts

කොරෝනා මර්දන එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු තැපැල් දෙපාර්තමේන්තුවෙන් වාර්තාගත දෛනික ආදායමක්

colombotoday

අද රාත්‍රී 11.30 තෙක් වලංගු අවවාදාත්මක නිවේදනයක්

Admin

“සිරිසේන – වික්‍රමසිංහ හවුලට වැඩ බෑ.. ජනතාව කබලෙන් ළිපට වැටුණා.. උලා කන්නයි දැන් වෙලා තියන්නේ” – ජවිපෙ

colombotoday

සජිත් ලක්ෂ 70 පැන්නා

Admin

යුද්ධය නිමාවෙන් පසු මුල්වරට A9 වැසේ.. මග අහුරා විරෝධතා !

colombotoday