Colombo Today Local News

වෛරස් උණට දකුණේ තවත් දරුවන් දෙදෙනෙක් බිලි… සබරගමු, බස්නාහිර පළාත්වලටත් පැතිර යෑමේ අවදානමක්

ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්වය හේතුවෙන් දකුණේ තවත් දරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

මේ වන විට දකුණු පළාත තුල ඉන්ෆ්ලුවෙන්සා වෛරස් රෝගයට ගොදුරු වීමෙන් 17 දෙනෙකු මියගොස් ඇති බව කරාපිටිය රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි.

එමෙන්ම ඉන්ෆ්ලුවෙන්සා බව හඳුනාගත් දරුවන් 37 දෙනෙකු රෝහලේ ළමා වාට්ටුවල ප්‍රතිකාර ලබමින් සිටින බව ජයම්පති සේනානායක මහතා පැවසීය.

ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උණ සඳහා හේතුව ඉන්ෆ්ලුවෙන්සා A වෛරසය බවත් ඒ සඳහා ස්තිර ප්‍රතිකාර ක්‍රමයක් නොමැති අතර පුද්ගලිකවම පාලනය වීමක් සිදුවිය යුතු බවත් වෛද්‍යවරු පවසති.

දකුණු පළාතට අමතරව මෙය සබරගමු හා බස්නාහිර පළාත්වල ද පැතිර යා හැකි බැවින් එය වැලැක්වීමට අදාල පියවර ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් පවසා සිටියි.

Related posts

ආණ්ඩුවට වැඩ බෑ – සාක්ෂි පෙන්වමින් මරික්කාර් ආණ්ඩුව පතුරු ගසයි (වීඩියෝ)

colombotoday

විදුලි බිල 30%කින් අඩු කරනවා කිවුවේ වසර 5කින්

Admin

ගම්මන්පිලගේ ජාතික ඇඳුම පොලීසියෙන් තහනම් කරයි.

colombotoday

යාපනයේ හපනෙක් ශිෂ්‍යත්වයෙන් 198 ගනී

colombotoday

ත්‍රීරෝද රථ ගාස්තුත් ඉහළ

colombotoday

ඡන්ද නීති ප්‍රතිසංස්කරණයට විද්වත් කමිටුවක් පත් කෙරේ

colombotoday