Colombo Today Local News

මරණ දණ්ඩනය නියම වූ රැඳවියන්ගේ දඬුවමේ වෙනසක් ?

සිව් අවුරුදු සමාලෝචනය නැවත වරක් ක්‍රියාවට නංවා බන්ධනාගාර තුළ සිටින රැඳවියන් නිදහස් කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

ඒ, මගින් බන්ධනාගාර තුළ පවතින තදබදය ඉවත් කළ හැකි බව ඔහු සඳහන් කරයි.

ඊට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලද වහාම එය ක්‍රියාවට නංවන බව ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.

“මං වැඩ භාර ගත්තේ 2වනදා. 2 වනදා ඉඳලා සිරකරුවන් සහ රිමාන්ඩ් බන්ධනාගාරයේ හිටපු රැඳවියන් 10,000කට ආසන්න ප්‍රමාණයක් අපි නිදහස් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මරණ දණ්ඩනයේ සිටින රැඳවියන් ජීවිතාන්තය දක්වාත්, ජීවිතාන්තය දක්වා ඉන්න රැඳවියන් අවුරුදු 20 දක්වාත් අඩු කරලා තවදුරටත් තදබදය අඩුකර ගන්න. ඒකට ජනාධිපතිතුමාගේ අනුමැතිය ලැබෙනකම් ඉන්නේ.”

රත්වත්තේ මහතා දෙසැම්බර් 02 වනදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව අමාත්‍යධූරයේ දිවුරුම් දී තිබුණි.

Related posts

වෙබ් මාධ්‍යවේදියාට ඇප

colombotoday

අර්ජුන් ඇලෝසියස් – කසුන් පලිසේන 16දා දක්වා රිමාන්ඩ්

colombotoday

මහෙස්ත්‍රාත්වරුන් සහ විනිසුරුවරුන් 72කට ස්ථාන මාරුවීම්

colombotoday

දින 37 ක් හුදකලා කර තිබූ අකුරණ සහ බේරුවල යළි විවෘත කරයි

colombotoday

බුර්කාව තහනම් කෙරෙන නව නීති කෙටුම්පත සකස් කර අවසන්

colombotoday

“යුධ අපරාධ හොයන්න විදෙස් සහය.. විදේශ විනිසුරන් ගෙන්වීමටත් සලකා බලනවා” – මංගල

colombotoday