Colombo Today Local News

5 දෙනෙකුට මරු කැඳවු බිහිසුණු අනතුර

කොළඹ – කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ අලව්ව 10 කණුව ප‍්‍රදේශයේදී අද අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ටිපර් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. කොළඹ සිට කුරුණෑගල දක්වා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් සහ කුරුණෑගල සිට කොළඹ දෙසට ධාවනය වූ ටිපර් රථයක් එකිනෙක ගැටී මෙලෙස අනතුරට පත්ව ඇත.

අනතුරෙන් මියගොස් ඇත්තේ මෝටර් රථයේ ගමන්ගත් පුද්ගලයින් 05 දෙනෙකය. වරකාපොළ ප‍්‍රදේශයේ පැවැති අවමංගල්‍ය උත්සවයකට සහභාගී වි යළි පැමිණෙමින් සිටි පිරිසක් අනතුරට පත් මෝටර් රථයේ ගමන් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

අද (22) අළුයම 04.05ට පමණ අනතුර සිදුව තිබේ.

ඔවුන් ඉදිකිරීම් සමාගමකට අනියුක්ත සේවකයින් පිරිසකි.

Related posts

පාස්කු ප්‍රහාරයට පෙර භික්ෂුන් වහන්සේලා ප්‍රසිද්ධියේ ඉගියක් දුන්නා. | ඒ දිවැසිවර වාක්‍ය අද ඉටුවෙලා. | දැන්වත් එකතුවෙලා වැඩ කරමු – ශ්‍රී ලංකා කතෝලික සභාව කියයි.

colombotoday

පාඨලීගේ රියදුරු බිරිඳගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

Admin

රත්‍රං මිල ‍යළි ඉහළට

Admin

කතරගම මහ කපුවාට ඇප

Admin

රන්ටැඹේ රක්ෂිත වානාන්තරයේ මහා දැව ජවාරමක්

colombotoday