Colombo Today Local News

රටපුරා විහාරස්ථාන වර්ගීකරණය කෙරේ… දානයවත් නැති විහාරස්ථාන 1940 ක් !

දායකයන්ගේ ආර්ථික තත්ත්වය, විහාරාංග හා මූලික පහසුකම් සලකා බලමින් මෙරට විහාරස්ථාන වර්ගීකරණයට ලක් කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

ඒ අනුව දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙම වර්ගීකරණය සිදුකෙරෙන අතර, සංවර්ධන කටයුතු වලදී අවම පහසුකම් සහිත වර්ගීකරණයේ විහාරස්ථානවලට ප්‍රමුඛත්වය දෙන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

මේ අතර ස්වාමීන් වහන්සේලාට දානය නොලැබෙන, සංඝාවාසයක්, වැසිකිළියක් ඇතුළු මූලික පහසුකම්වත් නැති විහාරස්ථාන 1940ක් දිවයින පුරා පිහිටා ඇතැයි බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුව සිදුකළ සොයා බැලීමකදී අනාවරණය වී තිබේ.

විහාරස්ථානයකට අවශ්‍ය සියලුම අංගවලින් සමන්විත, දේශීය හා ජාත්‍යන්තර ආධාර ලැබෙන විහාරස්ථාන 3406ක්ද, එයට මදක් අඩු පහසුකම් සහිත විහාරස්ථාන 2317ක්ද, දානය කලාතුරකින් ලැබෙන, විහාරස්ථානයකට අවශ්‍ය අංග ප්‍රමාණවත් පරිදි පිහිටා නැති විහාරස්ථාන 2469ක්ද පිහිටා තිබෙව බව එහිදී අනාවරණය වී ඇත.

Related posts

බගවන්තලාව වත්ත මැද කොටස හුදකලා කරයි

colombotoday

කොරෝනා ආසාධිත චීන කාන්තාව රට පුරා සංචාරය කරලා !

colombotoday

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙළිකළ ශ්‍රී ලංකාව තැබූ වාර්තාවක් ගැන පාඨලී කියයි

Admin

“පුතා යුද්දෙට ගිය කාලෙදිවත් මෙහෙම දුකක්‌ අපි වින්දේ නෑ” සිරගතකල බුද්ධි නිලධාරීන්ගේ මාපියන්ගේ කදුළු කතාව

colombotoday

ශ්‍රී ලංකාව ලොව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට

colombotoday

විදුලි ගාස්තු සංශෝධනයක් වෙන්නෙ නැහැ – ඇමති කංචන කියයි

Admin