ඊයේ(18) හම්බන්තොට මත්තල ගුවන් තොටුපලට ගොඩබස්වන ලද ඇන්ටනොෆ් 225 භාණ්ඩ ප්රවාහන ගුවන් යානාවෙන් එක් දිනකදී පමණක් රුපියල් මිලියන 13කට අධික විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට ඉපයීමට හැකි වූ බව ගුවන් තොටුපල ආරංචි මාර්ග සදහන් කරයි.
ගුවන් යානාවට ටර්බයින් ඉන්ධන සැපයීම සහ කාර්ය මණ්ඩලයට පහසුකම් සැලසීම වෙනුවෙන් මෙම මුදල අයකරගෙන තිබේ.
ලොව විශාලතම භාණ්ඩ ප්රවාහන ගුවන් යානාව වන මෙය මැලේසියාවේ සිට පකිස්තානයේ කරච්චි බලා යන අතරතුරදී මත්තල ගුවන් තොටුපලේ ගොඩබස්වා ඇත.