පසුගිය විශ්වාසයභංගය පැවති අප්‍රේල් මස 4 වන දින තිලංග සුමතිපාල විසින් තමාට පරුෂ වචනයෙන් බැණ වැදී තර්ජනාත්මක ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහ කලා යැයි පවසමින් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් කථානායකවරයා වෙත ලිපියකින් දන්වා යවා තිබේ.
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනා විවාදය පැවති අවස්ථාවෙන් පසුව පාර්ලිමේන්තු ගර්භයෙන් පිටතට පැමිණ තිලංග සුමතිපාල මහතාගේ නිල කාමරයට ඇතුළු වන විදුලි සෝපානය අසලදි මෙම සිදුවීමට තමා මුහුණ දුන් බව නවීන් දිසානායක මහතා එම ලිපියෙහි සඳහන් කරයි.