Colombo Today Local News

ෆෙඩරල් ගැන දෙමළ ජනමතය දැනගන්න සම්බන්ධන් උ/නැගෙනහිරට ජනමත විචාරණයක් ඉල්ලයි

බලය බෙදාහැරීම සම්බන්ධයෙන් ද්‍රවිඩ ජනතාවගේ මතය විමසීම සඳහා උතුරු නැගෙනහිර ජනමත විචාරණයක්‌ පවත්වන ලෙස ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා රජයෙන් ඉල්ලා ඇත.

උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාවට නිවැරදි බලය බෙදාහැරීමක්‌ අවශ්‍ය බව පවසන සම්බන්ධන් ඉන්දියාව, ඔස්‌ටේ්‍රලියාව, කැනඩාව සහ ස්‌විට්‌සර්ලන්තය වැනි රටවල ද බලය විමධ්‍යගත කර ඇති බව පවසයි.

උතුරු නැගෙනහිරට ෆෙඩරල් පාලනයක්‌ ලබාදීම පිළිබඳව කරුණු දක්‌වා ඇති සම්බන්ධන් ෆෙඩරල් ක්‍රමයේ අතීතය ගැන විමර්ශනය කළ යුතු බවත් ෆෙඩරල් ලබාදෙන බව පැවසුවේ සිංහල ජනතාව බවත් කියා සිටියේය.

ද්‍රවිඩ ජනතාවට තම අයිතීන් ඉදිරිපත් කිරීමට හැකියාවක්‌ ඇති බව ද හෙතෙම පළ කළේය.

මේ අතර යාපනයේ මරදනාල්මඩම් රාමනාදන් පාසල් භූමියේ පැවැති දෙමළ ජාතික සන්ධානයේ මැයි දින රැලියේදී ද ෆෙඩරල් විසඳුමක්‌ අවශ්‍ය බව අවධාරණය කර ඇත.

මෙහිදී රැස්‌ව සිටි පිරිස ඇමතූ දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ. සුමන්දිරන් ප්‍රකාශ කර ඇත්තේ එක රටක්‌ තුළ දෙමළ ජනතා අයිතිවාසිකම් රැකෙන ෆෙඩරල් විසඳුමක්‌ අවශ්‍ය බවය.

මෙම මැයි දින රැලියේදී යෝජනා 20 ක්‌ ද සම්මත කරගෙන ඇත.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස්‌ කිරීම හා හමුදාව අත්පත් කරගෙන සිටින දෙමළ ජනතාවට අයත් ඉඩම් ලබාගැනීම ද මේ යෝජනාවලට අයත් විය.

Related posts

අධිකරණය ගැන ලොකු කතා කී නීතීඥ සුගන්ධිකා අධිකරණයට නුසුදුසු ඇදුමක් ඇදන් ගිහින්.. විනිසුරුගෙන් දැඩි අවවාද.. නඩුවලට පෙනී නොසිටම ආපසු ගිහින්

colombotoday

එක වාහනයයි මාදිවෙල නිවාසයයි තිබුනොත් ඇති

Admin

බලපත්‍ර නැති බස් රථ සොයා දීපව්‍යාප්ත වැටලීම්

Admin

2016 විමධ්‍යගත මුදල් සත පහක් තවම දීල නෑ.. අද අපට වැඩ කරන්න සල්ලි නෑ – රෝෂාන් රණසිංහ

colombotoday

රටතුළ දැඩි අවදානම් තත්ත්වයක්| වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

නුවරඑළිය හැඩකරමින් මල් තුහින තත්ත්වයක්

Admin