Colombo Today Local News

“ඥාණසාර හිමියන් දුටුතැන සිවුර ගලවනවා” කී අජිත් ප්‍රසන්නට එරෙහිව පැමිණිල්ලක්

මහනුවර කලහකාරී සිද්ධියට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධ බවට හිටපු පළාත්සභා මන්ත්‍රී සහ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න විසින් සමාජ මාධ්‍යයට මුදාහැර ඇති වීඩියෝව සම්බන්ධව අගවිනිසුරුවරයාට, පොලිස්පතිවරයාට හා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ඊයේ (15දා) පැමිණිලි කළ බව බොදුබල සේනා සංවිධානය පවසයි.

නීතිඥයෙකු වශයෙන් කටයුතු කරන අජිත් ප්‍රසන්න මහතා අසත්‍ය ප්‍රචාරයක් අදාළ වීඩියෝව මගින් සිදුකරන බවත්, වහාම ඔහුගේ නීතිඥ වෘත්තිය පිළිබඳව තීරණයක් ගතයුතු බවත් අදාළ පැමිණිල්ල මගින් බොදුබල සේනා සංවිධානය ඉල්ලා තිබේ.

ඥානසාර හිමියන් දුටු තැනකදි සිවුර ගලවන බවට අජිත් ප්‍රසන්න මහතා අදාළ වීඩියෝව මගින් තර්ජනය කරන බවත්, මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් එම සංවිධානය සඳහන් කරයි.

Related posts

පිරිමින් අතර ඒඞ්ස් පැතිරීම තුන් ගුණයකින් ඉහළට

colombotoday

අයේශා දැරිය ඝාතනය : කීර කොටු ගෙවියෙක් සැකපිට පොලිස් බාරයට

colombotoday

ජාතිය රැකීමේ සටනට, තාවකාලිකව උපැවිදි වෙන්න අවසර දෙන්න – නායක හිමිවරු මහනායක හිමිගෙන් ඉල්ලයි

colombotoday

පොලිසියට වෙට්ටු දාන්න ගිය කුරුඳු හොරා වහලෙන් වැටෙයි

Admin

අමාත්‍යංශයක හා රාජ්‍ය අමාත්‍යංශ 2ක විෂය පථ යළි ගැසට් කෙරේ…

colombotoday

ජනබල විරෝධය අස්සේ ජවිපේ 20 පාර්ලිමේන්තුවට….

colombotoday