Colombo Today Local News

“ලංකාවට හයිබ්‍රිඩ් අධිකරණයක් ඕන.. ජිනීවා යෝජනා ක්‍රියාත්මක කරවන්න අපි බැදී ඉන්නවා” – බ්‍රිතාන්‍ය

btß55

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව පරීක්‍ෂණයට හයිබ්‍රිඩ් අධිකරණයක්‌ අවශ්‍ය බව ජිනීවාහි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ දූලන් බ්‍රේත්වේට්‌ මහතා ඊයේ (20 දා) පැවසීය.

හයිබ්‍රිඩ් අධිකරණයක අවශ්‍යතාව ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත දැනුම් දී ඇති බව පැවසූ හෙතෙම ජිනීවා යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම සඳහා බ්‍රිතාන්‍යය බැඳී සිsටින බව ද කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සාමය ආරක්‍ෂා කිරීමට නම් මානව හිමිකම් උල්ලංඝනය කළ පිරිස ගැන හයිබ්‍රිඩ් අධිකරණයකින් ක්‍රියා කළ යුතු බව ද බ්‍රිතාන්‍ය මහකොමසාරිස්‌වරයා පැවසීය.

මේ අතර ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්. කේ. සුමන්දිරන් මහතා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිඩ් අල් හුසේන් කුමරු හමුවී ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන් යුත් යාන්ත්‍රණයක්‌ ශ්‍රී ලංකාවේ ස්‌ථාපිත කරන්නැයි ඉල්ලීමක්‌ කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

රෝසි සේනානායක, අසාත් සාලි සමග කොළඹ සටනට පොහොට්ටුවෙන් අලුත් මුහුණක්

colombotoday

නව අමාත්‍යවරුන්ට භාර විෂය පථ නම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක්

colombotoday

පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනයට ලක්කළ අයෙකුට වසර 10ක බරපතළ වැඩ සහිතව සිරදඬුවම්

colombotoday

මැතිවරණ කොමිසමෙන් ස්වාධීන රූපවාහිනි සේවයට තහනමක්

colombotoday

මේ පාර්ලිමේන්තු සංස්කෘතිය සමග ඉදිරියට යන්න බැහැ! කෑගහන කී දෙනෙක් මගෙන් ඇමැතිකම් ඉල්ලුවද?

colombotoday

අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදන බල රහිත කෙරේ

colombotoday