Colombo Today Local News

ව්‍යවස්ථාව අනුව අගමැති ඉවත්කළ හැකිද? – නීතිවේදීන්ගේ මතය මෙන්න

අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ ඇති උපරිම විශ්වාසය ගිලිහී ඇතැයි ජනාධිපතිවරයාට හැගෙන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 හතරවන උප වගන්තිය යටතේ අග්‍රාමාත්‍යවරයාට තවදුරටත් එම ධුරයේ රැදී සිටීමට හැකියාවක් නොමැති බව ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා පවසයි.

එමෙන්ම අමාත්‍ය මණ්ඩලයේ සංශෝදන සිදු කිරීමට හෝ එහි සංයුතිය වෙනස් කිරීමට ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට සම්පුර්ණ බලතල පවතින බව ද ඔහු සඳහන් කළා.

ජනාධිපතිවරයා තීරණයක් ගෙන එලෙස අමාත්‍ය මණ්ඩලය ඉවත් කළහොත් අගමැතිවරයාට තවදුරටත් ධුරයේ රැඳී සිටීමට නොහැකි බවයි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහත් පෙන්වා දෙයි.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට වසර දෙකක කාලයක් සදහා අත්සන් කරන ලද අවබෝධනා ගිවිසුම කල් ඉකුත් වී අහෝසි වීමත් සමග රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අගමැති ධුරය මෙන්ම කැබිනට් මණ්ඩලයට බලශුන්‍ය බල රහිත වන බවද නීතීවේදීන් පෙන්වා දෙති.

Related posts

ඉන්දීය ණය ආධාර යටතේ ආනයනික සහල් මෙට්‍රික් ටොන් 40,000 ක තොගයෙන් කොටසක් අද මෙරටට

colombotoday

ජූඩ් ශ්‍රමන්තට සමාව දීම ගැන අහන්න CIDය මෛත්‍රීගේ ගෙදරට

colombotoday

මුදල් ඇමති, තෙල් ඇමතිගේ කනෙන් රිංගලා.. නොකියාම තෙල් බදු වැඩි කරලා !

colombotoday

මඩකලපුවේ කතෝලික දේවස්ථානයකටත් බෝම්බ ප්‍රහාර

colombotoday

අද පැවැත්වීමට තිබූ විරෝධතා පා ගමනකට අධිකරණ නියෝගයක්

colombotoday

රනිල්ගේ රැලි 30ක් කැන්සල්

Admin