Colombo Today Sports NewsTop Stories

ලසිත් මාලිංග ක්‍රිකට් ක්‍රීඩාවට ආයුබෝවන් කීමට සැරසෙයි

තමා මානසිකව ක්‍රිකට් ක්‍රීඩාව හමාර කර ඇති බවත්, තමා තවදුරටත් අන්තර් ජාතික ක්‍රිකට් පිටියේ රැදෙනු ඇතැයි විශාවාස නොකරන බවත්, සිය විශ්‍රාම යාම නිවේදනය කිරීමට සැලැසුම් කරමින් සිටින බවත්, සුපිරි වේගපන්දුයවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසා තිබේ.

ශාන්ත මොරිස් හි අයිස් ක්‍රිකට් අභියෝගතාව අතර තුරදී මාලිංග මේ බව පී.ටී.අයි. පුවත් සේවයට පවසා ඇත.

තමා ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර නැතැයිද කියන මාලිංග තමාගේ IPL දිවිය අවසන් ව ඇති බවත් කියා සිටී.

මුම්බායි ඉන්දියන්ස් සමඟ අලුත් පිටුවක් අරඹන බවද මාලිංග සඳහන් කරයි.

තමා මුම්බායි ඉන්දියන්ස් පිලිට එක් නොකර ගැනීමට ගෙන තිබූ තීරණය සම්බන්ධයෙන් පුදුම නොවූ බවද කියන මාලිංග එම පිල සමග තමාට ඉතා සාර්ථක දසවසරක් වූ බවද සිහිපත් කරයි.

මුම්බායි ඉන්දියන්ස් හි හිමිකරු තමාට කතා කළ බවත්, ඔවුන්ගේ දැක්ම ඉදිරි වසර තුන සඳහා දක්ෂ කණ්ඩායමක් සකස් කර ගැනීම බවත්. තමා දැන් සිටින්නේ තරගකාරී ක්‍රීඩාවේ නියැලිය හැකි අඩියක නොවන බවද මාලිංග සඳහන් කර ඇත.

වයස 34ක් වන තමා තවදුරටත් තරුණ නොවන බව පවසන මාලිංග සිය වෘත්තීය වෙනසක් සිදු කිරීමට මෙය නිවරදි කාලය බවත් මලිංග කියයි.

මෙය නව ඉනිමක් ආරම්භ කිරීමට කාලය බවද ඔහු සඳහන් කරයි.

පන්දුවාර විස්සයි – 20 තගර 248 කදී කඩුලු 331 ක් බිඳ හෙලා ඇති මාලිංග ඔහුගේ IPL තරග දිවියේ තරග 157න් තරග 110ක් ක්‍රීඩා කරනු ලැබුවේ මුම්බායි ඉන්දියන්ස් වෙනුවෙනි.

Related posts

මයික්‍රොසොෆ්ට් වෙන්චර්ස් හි නිර්මාතෘ රාහුල් සූඩ් ලංකා ප්‍රිමියලිග් යාපනය කණ්ඩායමේ සම හිමිකාරිත්වයට

colombotoday

සමාජ මාධ්‍ය අවහිර කළේ ආණ්ඩුවේ විළි වහගන්නයි… දැවැන්ත ජනමත සංහාරයක් !!

colombotoday

ඊයේ වැඩ පෙන්වූ අසේල ගුණරත්න, මිලියන 6ක් සමග අද මුම්බායි ඉන්ඩියන්ස් පිළට !

colombotoday

නව ටෙස්ට් ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට

Admin

ක්‍රිකට් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අරඹයි

Admin

ඥානසාර හිමිට දඬුවම් දීම රටට ජාතිය අහිමි වීම සහ ජාතියට රට අහිමි වීමේ එක් අවස්ථාවක්. ඉඳුරාගාරේ ධම්මරතන හිමි

colombotoday