Colombo Today Local News

රසායනික පොහොර ආනයනයට පියවර

ඉදිරියේදී මෙරට තුළ සිදුවිය හැකි ආහාර අර්බුදයකට එරෙහිව සාර්ථකව මුහුණ දීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ එකමුතුවක් විසින් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ මෙරට ජනතාවට ඉදිරියේ දී ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවය.

පසුගිය මහ කන්නයේදී රසායනික පොහොර ආනයනය තහනම් කිරීමත් සමග මෙරට කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට ඇති වූ බලපෑම හේතුවෙන් ආහාර අර්බුදයක් සිදුවිය හැකි බව ඔවුන් විසින් පෙන්වා දී තිබුණි.

පෞද්ගලික අංශය මගින් පොහොර මිටියක් රුපියල් 37,000 ක් වැනි ඉහළ මිල ගණන් යටතේ අලෙවි කරන බවට වාර්තා වන බව අමාත්‍යවරයා පවසයි.

මේ හේතුවෙන් මෙවර යල කන්නයේ වගා කටයුතු සඳහා බාධා එල්ල වී ඇති නමුත් ඉන් පසුව පැමිණෙන මහ කන්නය සඳහා අවශ්‍ය යූරියා ඇතුළු සියලු පොහොර ආනයනයට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි.

රජයේ පොහොර සමාගම් දෙක මගින් අවශ්‍ය රසායනික පොහොර ආනයනයට කටයුතු කර ඇති අතර පොහොර ආනයනය කරන සමාගම් සඳහා මිල සූත්‍රයක් ද හඳුන්වාදෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

ගණිතයෙන් කොළඹ, කලාවෙන් වාණිජයෙන් කුරුණෑගල, විද්‍යාවෙන් ගම්පහ, ලංකාවෙන්ම එකට ආ දක්ෂයෝ මෙන්න

colombotoday

ගම්පහෙන් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු හමුවේ

colombotoday

Unlimited අන්තර්ජාල පැකේජ ගැන TRCයෙන් නියෝගයක්.

colombotoday

නිල්වලා ගඟ ආශ්‍රිත පහත්බිම්වල ජනතාවට යළි අනතුරු ඇඟවීමක්

Admin

පාස්කු ප්‍රහාරය: වගඋත්තරකරුවෙකු වූ රනිල්ට එරෙහිව නඩු කටයුතු පවත්වාගෙන යා නොහැකි බව ශ්‍රේෂ්‍ඨාධිකරණය තීන්දු කරයි

colombotoday

ජාතියක් ලෙස නැගිටිනවා නම් විනයගරුක තරුණ පරම්පරාවක් බිහි විය යුතුයි – වජිර අබේවර්ධන කියයි

Admin