Uncategorized

රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති රැසක් දීපව්‍යාප්ත වැඩ වර්ජනයේ

ආණ්ඩුවට විරෝධය පාමින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් අද (28) දිනයේ දී දැවැන්ත සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන, ප්‍රවාහන, වතු, වරාය, විදුලිබල, තැපැල්, සමෘද්ධි, බැංකු, සංවර්ධන නිලධාරී, කම්කරු ආදි සියලු ක්ෂේත්‍රයකම පිරිස් මෙම වැඩවර්ජනය සඳහා සහභාගීවීමට නියමිත බව වාර්තා වේ.

“ජනමතයට හිස නමනු – ආණ්ඩුව ගෙදර යනු ” තේමාව යටතේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සංවිධානය කර ඇති අතර ඒ සඳහා වෘත්තීය සමිති දහසකට අධික සංඛ්‍යාවක් සහයෝගය ලබාදී තිබේ.

වැඩවර්ජනයේ නිරත වෘත්තීය සමිති විසින් දැවැන්ත විරෝධතා පාගමනක් ද දහවල් 12.00ට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

වත්මන් ආණ්ඩුව දින 7ක් තුළ බලයෙන් ඉවත් නොවුණහොත් ඉදිරියේ දී අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කරයි.

රෝහල්වල සේවකයින් ද සියයට 50ක් පමණ මෙම වැඩ වර්ජනයට සහයෝගය පළ කරන අතර රෝහල් සේවා කටයුතු අඬාල නොවී පවත්වාගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වීමට නියමිතය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද මෙම වැඩවර්ජනය සඳහා සහය පළකර ඇති අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද ඊට සහයෝගය පළ කර තිබේ.

මේ අතර දුම්රිය වෘත්තිය සමිති රැසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට සඳහන් කරයි.

වැඩවර්ජනය සඳහා මේ වන විටත් දුම්රිය සේවකයින් සහභාගී වී සිටින අතර මේ හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු අඬාල වනු ඇති බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්.පී.විතානගේ මහතා ද ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් ලංකා ගමනගමන මණ්ඩලයේ බස්රථ සහ පෞද්ගලික බස්රථ අද දිනය තුළ ධාවනය කිරීමට සැලසුම් කර තිබේ.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, බස් හිමියන්ට අවශ්‍ය නම් පමණක් බස් රථ ධාවනයෙන් ඉවත්විය හැකි බවය.

මේ අතර අද දිනයේ සිය සංගමය ද නිහඬ විරෝධතාවයක නිරත වන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.

එහි නියෝජ්‍ය සභාපති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ, රාජ්‍ය ආයතනවල අත්‍යවශ්‍ය කටයුතු කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යමින් එම විරෝධතා ක්‍රියාමාර්ගයේ නිරතවන ලෙස උපදෙස් ලබා දී ඇති බවය.

Related posts

වාරියපොල අනතුරකින් 14 දෙනෙකුට තුවාල

Admin

ජනපතිට , අගමැතිට , ඇමති මණ්ඩලයටම අධිකරණයෙන් නොතීසි

colombotoday

මුස්ලිම් තරුණයෙකුට සිවුරු පොරවා දුම්රියෙන් අනුරාධපුරයට ගෙනයද්දී චීවරධාරීන් 2ක් දැලේ… කඩාකප්පල්කාරී ක්‍රියාවකට ගියාදැයි සැක !!

colombotoday

නාඩු සහල් කිලෝවක් රු 98කට දෙනවා.. – මහින්දානන්දගෙන් යලි පොරොන්දුවක්

colombotoday

Myanmar to host tourism expo at the end of 2018

colombotoday

කරාපිටිය ශික්ෂණ රෝහලෙ හොර වෛද්‍යවරයෙක්

colombotoday