Colombo Today Local News

මැතිවරණයෙන් පසු ජනපතිට එරෙහිව එජාපය කඩුව ඔසවන්න යයි..

පළාත් පාලන මැතිවරණයෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂ පැසුපෙළ මන්ත්‍රීවරුන් සැලසුම් කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

බැදුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමග ශ්‍රීලනිප-එජාප දෙපාර්ශවය අතර දැඩි මතගැටුමක් ඇතිව තිබෙන අතර, බැදුම්කර සිදුවීම අරඹයා ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවේදී සෘජුවම එජාපය දෙසට ඇගිල්ල දිගු කිරීම නිසා මතගැටුම තව දුරටත් තිව්‍රෘ වී ඇති බව සදහන් වේ.

බැදුම්කර වාර්තාවේ ඇති නිර්දේශ ඉක්මවා යමින් ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාව සම්බන්ධයෙන් එජාප පසුපෙළ ජනාධිපතිවරයා කෙරෙහි දැඩි ලෙස කලකිරිමෙන් පසුවන අතර, එම ප්‍රකාශය සකස් කිරීමේදී හිතාමතාම ජනාධිපති ලේකමි කාර්යාලයේ නිළධාරියෙකු විසින් විකෘතිකර ඇති බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි.

පෞද්ගලික පලි ගැනිමක් ලෙස එම ප්‍රකාශය ආදාළ නිළධාරියා විසින් විකෘති කර නිසා මැතිවරණ සමයේදී සිය පක්ෂයට දැඩි හානියක් සිදුවු බව එම පක්ෂයේ ප්‍රබලයන්ගේ අදහස වි තිබේ.

Related posts

ෂැංග්‍රීලා හෝටලය වසා දැමේ…

colombotoday

සත්ව ආහාර හා බියර් නිෂ්පාදනයට සහල් යොදා ගැනීම අත්හිටුවන්න උපදෙස්

Admin

වාසියට පමණක් කට ඇරෙන හෙළ උරුමේ පූස් පැටියෙක් ගැන මධු මාධව කියයි

colombotoday

ඉන්දීය ජාතික තරුණයෙක් දිවි නසා ගනී

colombotoday

මුහුදු ගිය ධීවරයකු බෝට්ටුවෙන් වැටී අතුරුදන්

Admin

ඉන්දියාවෙන් ඩොලර් බිලියන එකක්

colombotoday