Colombo Today Local News

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට බෙදා හැරීම අද සිට.

අද (27)දින සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව ලිට්‍රෝ සමාගම පවසයි.

මෙරටට ඊයේ(26)දින සේන්දු වූ නෞකාවේ තිබූ ගෑස් මෙට්‍රික් ටොන් 3900 ගොඩබෑම මේ වනවිට අවසන් අදියරට ළඟා වි ඇති බවඑම සමාගම සඳහන් ක‍රයි.

ඒ අනුව දෛනිකව ගෑස් සිලින්ඩර් ලක්ෂයක් වෙළඳපොළට නිකුත් හැරීමට සැලසුම් කර තිබේ.

මේ අතර තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3600 ක් රැගත් නෞකාවක් හෙට දිනයේ මෙරටට ළඟාවීමට නියමිත ය.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ඉහළ දැමීමට ලිට්‍රෝ සමාගම පියවර ගත්තේ ය.

ඒ අනුව කිලෝග්‍රැම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4860 ක් දක්වා වැඩිකර තිබේ.

කිලෝ ග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1945 ක් ඉහළ දැමිණ.

කිලෝ ග්‍රෑම් 2 .3 ක ලිට්‍රෝ ගෑස් සිලිඩරයක නව මිල රුපියල් 910කි.

පසුගිය අප්‍රේල් 12 වැනි සිට ඊයේ දිනය දක්වා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් නිකුත් කිරීම අත්හිටවූ අතර මේ හේතුවෙන් ගෑස් පාරිභෝගිකයෝ දැඩි පීඩාවට පත්ව සිටිති.

Related posts

ග්‍රාම නිලධාරී දීමනා සංශෝධනය කරයි

Admin

කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර වලට ලබාදුන් සහනය

colombotoday

නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකුට පහරදී මරා දාලා

colombotoday

ප්‍රවීන කාටුන් ශිල්පී තලන්ගම ජයසිංහ මහතා අභාවප්‍රාප්ත වේ

Admin

පලස්තීන ජාතිකයෙක් අත්අඩංගුවට

Admin

Video: කැබිනට් මණ්ඩලයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් ඉන්නවා

colombotoday