පෙට්රල් ඉල්ලා අදත් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.
ඒ පෙට්රල් ඉල්ලා පිරිසක් මාර්ගය වසා දැමීමත් සමග තවත් පිරිසක් එක්වී මාර්ගය විවෘත කිරීමට උත්සාහ කිරීමත් සමගය.
මෙම සිද්ධිය ඇතිවී තිබුණේ මදුරන්කුලිය නගරයේදීය.
විරෝධතාවය හේතුවෙන් පුත්තලම කොළඹ මාර්ගය මදුරන්කුලිය නගරයෙන් වසා දැමීමට විරෝධතාකරුවන් පියවර ගෙන තිබුණි.
එහිදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති අතර තවමත් විශාල පිරිසක් විරෝධතාවයේ නිරත වෙමින් ඇති බව වාර්තාවේ.