Colombo Today Local News

“එජාපය ට අවාසයි” බැදුම්කරය ගැන ප්‍රචාර තහනම් කරන්නැයි එජාපය මැ.කො. ගෙන් ඉල්ලයි

මහ බැංකු බැඳුම්කර වාර්තාව නිකුත් කිරීමෙන් තම පක්‍ෂයට අගතියක්‌ සිදුවන නිසා ඒ පිළිබඳ දිගින් දිගට කරන ප්‍රචාර නවත්වන්නැයි එජාපයේ සාමාජිකයන් පිරිසක්‌ මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්‌ කර ඇති බව වාර්තා වේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කර තිබියදී මෙවැනි දෙයක්‌ සිදුවීමෙන් තම පක්‍ෂයට අගතියක්‌ සිදුවනවා සේම තවත් පක්‍ෂ කිහිපයකට ඉන් වාසි අත්වන බවද එජාපය දැනුම්දී ඇතැයි වාර්තා වෙයි.

මෙම වාර්තාව පදනම් කරගෙන විවිධ විවේචන මාධ්‍ය ඔස්‌සේ ප්‍රචාරය වන බවද තම පක්‍ෂය ඉලක්‌ක කර ඇතැම් පක්‍ෂ චෝදනා ඉදිරිපත් කරන බවද ඔවුන් විසින් පෙන්වාදී තිබේ. මෙමගින් මැතිවරණ ව්‍යාපාරය තුළදී තම පක්‍ෂයට අගතියක්‌ බවද ඔවුන් පෙන්වාදී ඇතැයි වාර්තා වෙයි.

Related posts

වන අලි ප්‍රහාරයකින් පාසල් සිසුවෙක් මරුට

colombotoday

ගිලන්රථ අධිවේගී මාර්ග ගාස්තුවලින් නිදහස්

colombotoday

හිමිනමගෙන් කෝටි 2ක් ඉල්ලා පුත්තලම දිසා ලේකම් එන්තරවාසියක් යවලා

colombotoday

ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම ගැන කරුණු විමසයි

colombotoday

මේ රට බේරගන්න ඉදිරිපත්වෙන්න සූදානම් බව හර්ෂ ද සිල්වා කියයි.

colombotoday

හෙට (25) ශෝක දිනක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

colombotoday