Colombo Today Local News

“ජනපති හදන්නේ එජාපය විනාශ කරන්නයි” – ජවිපෙ බිමල්

බැඳුම්කර කොමිසමි වාර්තාව එළ දක්වමින් ජනාධීපතිවරයා අපේක්‍ෂා කරන්නේ එක්සත් ජාතික පක්ෂය විනාශ කිරිමට බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා කිය.

ඒ මහතා එසේ පැවසුවේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් හැටන් දික්ඔය නගර සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් තරග කරන අපේක්‍ෂකයන් හදුන්වා දිම සදහා අද (06) හැටන් දික්ඔය නගර සභා ශාලාවේ පැවති රැස්වීමකදිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු බිමල් රත්නායක මහතා කියා සිටියේ එම කොමිසමි වාර්තාවේ සදහන් පරිදි එම වංචාව සිදුකළ අයගෙන් මුදල් අය කර ගැනිමට නිති සකස් කර ගැනිමට පාර්ලිමේන්තුවට පනතක් ගෙන එන්නේ නමි එම පතනට සහයෝගය දක්වා ජනතා විමුක්ති පෙරමුණද ඡන්දය ලබා දෙන බවයි.

මෙවර පළාත් පාලන මැතිවරණයේදි මහින්ද රාජපක්‍ෂ මහතා වට එක්රැස්වී තරග වදින්නේ එතුමා වටා සිටි පැරණීම හොරු කණ්ඩායම බවයි බිමල් රත්නායක මහතා කියා සිටින්නේ.

Related posts

මැතිවරණ පෙත්සම් ගැන තීන්දුවක් ගන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

colombotoday

දෙරණ 360 දී බදුර්දීන් අසරණ වෙයි.. අන්තිමේදී ගූගල් සිතියමත් බොරු කියයි (Video)

colombotoday

සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පහසු කිරීමට මහ බැංකුවෙන් අලුත් දෙපාර්තමේන්තුවක්

colombotoday

අරගල භූමියේ කුඩාරම් කිහිපයක් ඉවත් කරගනී

colombotoday

ජනපති අද හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි

colombotoday

ඤාණසාර හිමිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

colombotoday