Colombo Today Local News

“අගමැති ඇතුළු එජාපයට තරු පෙන්නනවා” – නියෝජ්‍ය ඇමති මුතුහෙට්ටිගම

මේ දිනවල තරු ගනිමින් සිටින රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඇතුළු එජාපයට පෙබරවාරි 11 වැනිදා එළිවෙන කොට තරු පෙනීමට සලස්වන බව වරාය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

ගාල්ලේදී  (01දා) පැවැති ජන හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

”කට්ටිය හිතන් ඉන්නවා මේක ආණ්ඩුව පෙරළන මැතිවරණක් කියලා. මේකෙන් පෙරළෙන ආණ්ඩුවකුත් නෑ. වෙනස් වන දේශපානයකුත් නෑ. මේකෙ අන්තිමට වෙන්නේ ගම හදන කණ්ඩායමක් ශ්‍රී.ල.නි.ප.යෙන් බිහිකිරීම බව විශ්වාසයෙන් කියනවා.

හිටපු ජනාධිපතිතුමා කියනවා මේක ජනමත විචාරණයක් කියලා. නමුත් ජනමත විචාරණ මොනවා වුණත් මේක දිනන්නේ ශ්‍රී.ල.නි.ප.යයි. අපට ගමට වැඩ කරන්න මන්ත්‍රීවරුන් අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් මේ ඡන්දෙන් පස්සේ එනවා.

රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්ක කට්ටියක් ලෑස්ති වෙනවා එ.ජා.ප.යේ හයිය බලන්න. පෙරවාරි 11 වැනිදා පාන්දර වන විට එ.ජා.ප.යේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට තරු පෙනෙනවා. සමහර පසුපෙළ මන්ත්‍රීවරු කියනවා එ.ජා.ප. ආණ්ඩු හදනවා කියලා. මේ මැතිවරණයේ ජනතා මතය තුළ ශ්‍රී.ල.නි.ප.යේ තනි ආණ්ඩුවක් අපි හදනවා. ඒක එ.ජා.ප.යට බෑ. අපි 2020 දී ඒ තනි ආණඩුව හදනවා. ඒක ශ්‍රී.ල.නි.ප. ආණ්ඩුවක්.” යැයි පැවසීය.

Related posts

කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කළ 112 ක් දිවයිනට

colombotoday

සියලුම වර්ගයේ ඉන්ධන මිල රු.100කින් අඩු කළ හැකියි – සමගි ඒකාබද්ධ වෘත්තිය සමිතිය කියයි

Admin

ශ්‍රී ලංකාවට නව පරපෝෂිතයෙක්

Admin

ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුට වහාම ධුරවලින් ඉල්ලා අස්වෙන්නැයි ජනපති දන්වයි…

colombotoday

දේශපාලනඥයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ නීති සංශෝධනය කිරීමට තීරණයක්

colombotoday

රු.1000 නොදෙන වතු හාම්පුතුන්ට එරෙහිව දැඩි පියවර

colombotoday