Colombo Today Local News

දුම්රිය රියදුරන්ගේ වර්ජනයට ස්ථානාධිපතිවරු හා නියාමකවරුත් එක්වෙති

වැටුප් විශමතා ඇතුළු වෘත්තීය ප්‍රශ්න කිහිපයක් පිළිබඳව බලධාරීන් සමඟ කළ සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් ඊයේ (06දා) මධ්‍යම රාත්‍රියේ සිට දීපව්‍යාප්තව අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය රියැදුරන්ගේ සංගමය සහ දුම්රිය නියාමකයන්ගේ සංගමය තීරණය කරන ලදී.

වසරක පමණ කාලයක් තුළ තම වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ සිට ජනාධිපතිවරයා දක්වා වූ සියලුදෙනා දැනුවත් කළද තමන්ට සාධාරණයක් ඉටු නොවීම හේතුවෙන් මෙම තීරණයට එළැඹි බව ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානය පවසයි.

මේ අතර දුම්රිය පාලක ස්ථානාධිපතිවරු, නියාමකවරු දුම්රිය රියදුරන් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනයට අද(7) මධ්‍යම රාත්‍රී 12 සිට එකතු වන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති ජනක ප්‍රනාන්දු මහතා පවසයි.

Related posts

කාටවත් ජනපතිවරණය දිනන්න ඉඩ තියන්නෑ – 2020ට ජවිපෙනුත් අපේක්ෂකයෙක් !

colombotoday

ශ්‍රී ලංකාවට ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් සැකසීම NGO ඒජන්තයෙක් අතට !

colombotoday

උඩවලව ජලාශයට නිකුත් කරන ජල ප්‍රමාණය අද සිට අඩු කෙරේ..

Admin

සියළු බෞද්ධ සංවිධාන එක්වේ.. ආණ්ඩුවට එරෙහිව ප්‍රබල බෞද්ධ බලවේගයක් බිහිවෙයි

colombotoday

අත සහ පොහොට්ටුව එක්වෙයි

Admin

පොලිස්පති ධුරයේ සේවා කාලය වසර තුනකට සීමා කරන්න යයි

Admin