Colombo Today Local News

සියලු වාණිජ ගුවන් යානා සදහා ජනවාරි 22ක සිට ගුවන්තොටුපොළ විවෘත කිරීමේ තීරණයක්

විදෙස් සංචාරකයින් ඇතුළු සියලු වාණිජ ගුවන් යානා සඳහා ජනවාරි 22 වනදා සිට ගුවන්තොටුපොළ විවෘත කිරීමට පියවරගන්නා බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ රටේ ආර්ථිකය පිළිබඳ අවධානය යොමුකරමින් සෞඛ්‍ය අංශවල විශේෂ අධීක්ෂණය යටතේ ගුවන්තොටුපොළ විවෘත කිරීමට කටයුතු කරන බවය.

එහිදී රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා වැඩිදුරටත් සඳහන් කළේ, “ජනවාරි 22 වනදායින් පස්සේ මේ රටට එන සියලු වාණිජ ගුවන් යානා සඳහා එන්න අවස්ථාව ලබාදෙන්න අපි බලාපොරොත්තුවෙනවා. ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් රට විවෘත කළ යුතුයි,” යනුවෙනි.

ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ද ප්‍රකාශ කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතවෙමින් ගුවන්තොටුපොළ විවෘත කිරීමට පියවර ගැනීම ගැටලුවක් නොවන බවය.

“සංචාරක ව්‍යාපාරය මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් සපයනවා. ඒ නිසා සංචාරක ව්‍යාපාරය ඉතා ඉක්මණින් නැවත ආරම්භ කිරීමේ අවශ්‍යතාව තියෙනවා. නමුත් අපි එය සිදුකළ යුත්තේ කොවිඩ් -19 වසංගතයේ ආසාදිතයින් අපේ රටතුළ නිදැල්ලේ හැසිරීමට අවස්ථාවක් නොලැබෙන ආකාරයෙන්,” යනුවෙන් ද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

Related posts

සියලු ආර්ථික මධ්‍යස්ථාන අදත් තොග වෙළෙඳාමට විවෘතයි.

colombotoday

දූෂණ විරෝධී පනත සංශෝධන සහිතව සම්මත වෙයි

Admin

ත්‍රිකුණාමලයේ ඇති ඉන්දියානු රාජ්‍ය බැංකුවේ පස්වන ශාඛාව විවෘත කෙරේ..

Admin

රන්ජන්ගේ අඩුවට අජිත් මානප්පෙරුම දිවුරුම් දෙයි

colombotoday

අයවැය ප්‍රකාශය : විදේශ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට රුපියල් මිලියන 300ක්

Admin

හමුදා පොලිස් සෙබලෙක් අයිස් සමග අත්අඩංගුවට

Admin