වව්නියාව ජුම්මා මුස්ලිම් පල්ලිය අසල වෙළදසැල් පෙළක් අද (20) අළුයම ගින්නක් හටගෙන තිබෙනවා.
අදාළ වෙළදසැල්වල ව්‍යාපාරිකයන් පවසන්නේ අළුයම පැමිණි පිරිසක් වෙළදසැල් පෙළට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙන බවයි.
තවත් පිරිසක් පවසන්නේ අදාළ වෙළදසැල් පල්ලිය ආසන්නයෙන් ඉවත් කරගන්නැයි, පල්ලිය විසින් දන්වා තිබියදී මෙවැනි ගින්නක් ඇතිවීම සැක සහිත බවයි.
කෙසේ වෙතත් ගින්න ඇතිවීම පිළිබදව පොලීසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.