දෙමළ සිරකරුවන්ගේ උපවාසය සම්බන්ධයෙන් ජනපති මෛත්රිපාල සිරිසේන මහතා හා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්රීවරු අතර සාකච්ඡාවක් අද පැවැත්වේ.
මෙම සාකච්ඡාවට එම්. කේ. සිවාජිලිංගම් මන්ත්රීවරයා ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.
පසුගිය සතියේ ජනපතිවරයා යාපනයේ සංචාරය කරද්දී විරෝධතා දැක්වූයේ මේ පිරිසය.